Breaking News:
Other News
මෙය ඉතිහාසයේ සන්ධිස්ථානයකි – රංජිත් හේනායකආරච්චි
හෙට දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන බැඳී නොතිබූ උද්යෝගයක් සමාජය තුල ඇතිව ඇති නිසාවෙනි. එමෙන්ම මේ උද්යෝගය ඇති වන්නේ මෙතෙක් ලංකාව තුල සිදුවූවා මෙන් පක්ෂ බලමාරුවක් සඳහා පමණක් නිසා නොවන බැවිනි. මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන, ප්රජාතන්ත්රවාදය ගැන, නීතිය ක්‍රියාත්මක වන රටක් ගැන, යහපාලනයක් ගැන අවිධිමත් මිනිසුන් එක පෙලකට එක්වීමෙන් අන් කිසිම දිනෙක ලංකා සමාජය තුල දේශපාලනය තුල නොවූ අයුරකින්ය.
ලංකා සමාජය සර්වජන ඡන්දබලය 1931 සිට ලබා තිබුනි. 1948 නිදහසින්…
කුමාර්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්රජාතන්ත්රවාදය – රංජිත් හේනායකආරච්චි
රටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට නම් තේරුම් ගියේ මුට්ටිය දමා ඇති බවයි. එය සැබෑ කරමින් කුමාර්ගුණරත්නම් ලංකාවට පැමිණ ඇත. ඉතිං මෙය දුටු විට අප කුමක් කියන්නද? අප දන්නා පරිදි රටක් තුල නීතිවිරෝධීව සිටීම ගැන වරදකරුවෙකු කර රටින් පිටුපහල් කළ අයෙකුට තබා රටකට වීසා අයදුම්කර වරක් ප්‍රතික්ෂේප වූ අයෙකුට පවා නැවත වීසා ඉල්ලීමට හැකි වන්නේ වසර 3 ක් ගතවූ පසුය.
නමුත් රටින් පිටුවහල් කළ ඒවාගේම දේශපාලන හේතූන් ඇතුව පිටුවහල් කළ අයෙකුට නැවත රටට ඒමට…
මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි! – රංජිත් හේනායකආරච්චි
කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවනට ප්‍රසිද්ධියේ පහර දෙති. පරිභව කරති. තවත් තැනක පොදු අපේක්ෂකයාගේ වේදිකාවක් ගිණි තබන අතර ඔහුගේ අනුගාමිකයින්ට පහර දෙනු ලබති. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු චන්ද්‍රිකා කුමාරතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආහාර ගැනීමට ගිය ගෙදරට වටකර පහර දෙති. ධර්මසිරි බණ්ඩාරනායක පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කළාකරුවන්ගේ මාධ්‍ය සාකචඡාවක් ගැන මඩ බාල්දි හලති. ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවනට එප්පාවලදී පිස්තෝල හිසට එල්ල කර බිමදමා වටකර පහර දෙන්නේ පොලීසියේ ආරක්ෂාව ලබන මැරයින් විසිනි. හම්බන්තොටදී එවැනිම මැරයින් කණ්ඩායමක් (මොවුන් දේශපාලඥයන් ලෙස මහින්ද හැදින්වූවා වුවත්) ජයතිලක බණ්ඩාරලාට පහර දෙනු ලබති. පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂක මෛත්‍රී කතාකරමින් සිටින විට ඔහුටද ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙසේ කියා නිමකළ…
මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි
මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ. මුලින් සදහන් කළ චන්ඩින් තම ශරීර ශක්තියෙන් බලය පෙන්වූ චන්ඩින් වන අතර දෙවන කණ්ඩායම චන්ඩින් වෙන්නේ දේශපාලනයේ උදව්ව හේතු කර ගෙනයි. කෙසේ වුවත් මේ දෙකොටසම දාමරිකයින් වෙති. ගමේ හෝ නගරයේ නම මුලට යෙදෙන මොවුන්ගේ නම් අසන විටම අහවල් ප්‍රදේශයේ චන්ඩියා ඔහු බව එතුලින් ගම්‍ය වේ. නමුත් පසුකාලීන චන්ඩින් මේ ප්‍රදේශය තුල චන්ඩින් බවට පත්වනවා වාගේම දේශපාලනයේ සහ පොලිස් සහාය නිසාවෙන්…
මේ ප්රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි
තම ජනකණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ පවතින රජයට විරුද්ධව ඡන්දය දුනහොත් 1915 දී වැනි තත්වයක් 2015 දී ඇතිවිය හැකි බවයි. මේ ගැන මුස්ලිම් ජන කණ්ඩායම තම බිය ප්‍රකාශ කරන අතර එනිසාම තමන් ඡන්දය දිය යුත්තේ කාටද යන්න තවදුරටත් ගැටළු සහගත බව ඔවුන් පවසයි.
මෙම ප්‍රකාශය ඉතා බැරෑරුම් එකකි. ලංකා ජනගහනයෙන් 7%ක්ම මුස්ලිම් ජනතාවයි. ඒවාගේම මේ පවත්වන්නේ නිදහස් ඡන්දයක් යැයි පැවසේ. නමුත් රාජ්‍ය බලය සහ එහි අනුග්‍රහය ලබන මැර කල්ලි (බොදු බල සේනා හා තවත් නිල නොවන) ප්‍රසිද්ධියේම…
නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි
නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ. මෙම තත්වය සමාජය තුල සමබරතාවයක් ඇතිකරන අතර සාමකාමී වාතාවරණයකට එය ප්‍රධාන සාධකයක්ද වේ.
රටක රාජ්‍යක් තහවුරු කරනු ලබන්නේ එම රටතුල යම්කිසි නීතිපද්ධතියකට අනුව පාලනයක් පවතින බවයි. නමුත් රටක පවතින නීති එක කොටසකට පමණක් ක්‍රියාත්මකවේනම් එසේනැත්නම් එක කණ්ඩායමකට එක අයුරකින් තවත් කොටසකින් තවත් අයුරකින් ක්‍රියාත්මක වේනම් එතැනදී සමාජයට…
මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි
ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති අත්‍යවශ්‍ය හේතුවක් වන නිසාවෙනි. රාජපක්ෂ කල්ලිය රට තම අතට ගැනීමෙන් පසුව කරගෙන ගිය දේශපාලනය (එය හැබෑ අර්ථයෙන් දේශපාලනයක් නොවූවා වුවත්) විසින් කරනු ලැබුවේ රටේ ධන සම්පත් එක්තරා කල්ලියක් අතට පත්කර එය කිසිම අයුරක ආරක්ෂාවකට හෝ සංවර්ධනයකට ලක්නොකර ඔවුන්ගේ හිතුමනාපයට නාස්තිකාර ආකාරයෙන් කඩා වඩා ගැනීමයි. එයත් හරියට එක්තරා පුතෙකුට තම පවුලේ ධනය අයිති වූ පසු ඔහු එම ධනය වතුපිටි කර්මාන්ත සංවර්ධනය කරමින් පවත්වා ගන්නවා වෙනුවට ඒවායේ භවබෝග අවසාන වනතුරු…
මෙහෙමත් විගඩම් – රංජිත් හේනායකආරච්චි
‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන
කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ..
පොලොව කොටන තැන නියර බඳින තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර් කිවිදුන්ගේ මෙම කවි සංකල්පය අසා නැතුවා විය හැක. අසා ඇතුවා වුවත් එය තේරුම් ගැනීමට තරම් වුවමනාවක් නැතුවා විය හැක.
ජනාධිපති රාජපක්ෂ විශේෂ ගුවන් යානයක් මගින් තිරු දෙවියන් වන්දනාව සඳහා ඉන්දියාවේ තිරු කෝවිලට ගිය බවත් ඉන් පසුව එතුමා දෙවියන් ඉදිරියේ බිම වැටී නමස්කාර කර පූජකයන්ගෙන් දේව ආශිර්වාදය පොදි කර ලබා ගන්නා ආකාරයත් පුවත්පත්වලින් ජනතාවගේ දැක ගැනීම පිණිස ප්‍රසිද්ධ කරනු ලැබීය. බුද්ධාගම ආරක්ෂා කිරීමට කැට කඩමින් සපථ වන…
මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු – රංජිත් හේනායකආරච්චි
රාජපක්ෂලාගේ කල්ලිය ලංකා දේශය තම අත්අඩංගුවට ගෙන එය තම පුද්ගලික දේපලක් ලෙස පරිහණය කිරීම පමණක් නොව එය අපයෝජනය කරමින්ද පවතී. රට තුල දේශපාලනයේ යෙදී සිටින සෑම පුද්ගලයෙක්ම පාහේ (දේශපාලන අඳ බාලයන් හැරුණු විට) ප්රගතිශීලී මත, වමේ මත ලිබරල් මත දරණ අය පමණක් නොව මහින්දලා සමග එකම කල්ලියට එක්වි රට විනාශයේ කොටස් කරුවන් වෙමින් ඔවුන් සමග සිටින දේශපාලඥයින්ද (මෙහිදී මා අදහස් කරන්නේ මහින්දලා සමග එක්ව සිටින මාෆියා සහ අපරාධ කල්ලි නොව) ඒ තත්වය හොඳින් දනී. මේ අතරින් මහින්දලා රටත් සමාජයත් වශයෙන් ලංකා දේශයට කරන හානිය එම සමාජය පතුලක් නොමැති අගාධයකට හෙලමින් සිටීම ගැන වසර ගණනාවක්ම දිගින් දිගටම ප්රගතිශීලී මතධාරීන්, බුද්ධිමතුන් සහ…
Follow Us