ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!
ආගන්තුක සත්කාරය සහ මිත්රශීලී භාවය අප රටේ ප්රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන විට අප අතර තිබේද? නැත. රටෙහි සුළු ජන කණ්ඩායම් වලට පමණක් නොව රටෙන් පිට සිට රටට පැමිණෙන සරණාගතයින් වැනි පුද්ගලයින්ට අප සලකන්නේ කෙසේද? අපේ ආගන්තුක සත්කාරය රසවිඳිය හැක්කේ අපට මුදල් රැගෙන පැමිණෙන මිනිසුන්ට පමණද? රොහින්ගයා සරණාගතයන් හෝ වෙනත් රටකින් පැමිණෙන අතමිට හිඟ මිනිස්සුන්ට අපේ සැලකීම කෙසේද? දේශපාලන සරණාගත පකිස්ථානුවන්ට අපේ සැලකීම කෙබඳුද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්රශීලී භාවය ඇති හැකි අයට පමණද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්රශීලී භාවය මැනිය හැක්කේ ආරක්ෂාවක් නැති මිනිසුන්ට අප දක්වන මිතුරු බව තුලින් මිස, ඔවුනට දෙන…
Follow Us