Other News

සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ වම.

සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ වම.

සෑම සමාජ සංස්කෘතියක් තුළම ඉදිරිගාමී සහ පසුගාමී සංස්කෘතික ලක්ෂණ ගැබ්ව ඇත. සෑම විටම, එසේ නැත්නම් නිරන්තරයෙන්ම මේ දෙක අතර පවතින්නේ අරගලයකි. මෙම ඉදිරිගාමී සහ පසුගාමීත්වය අතර අරගලයෙන් වරක ඉදිරිගාමීත්වයත් වරෙක පසුගාමීත්වයත් සමජයේ වැජඹෙන පිලිබිඹුව ලෙස මතුව පෙනෙන නමුත් අවසාන විග්‍රහයේදී ඉදිරිගාමීබව ජයගනු ලබයි. සමාජ සංවර්ධනය ලෙස හැඳින් වෙනුයේ මෙම ක්‍රියාදාමයටය. ඉදිරිගාමී දේෂපාලනය විසින් සමාජය ඉදිරියට ගමන් කරවීම සක්තිමත් කිරීමට කළ යුතු වන්නේ මෙම සංස්කෘතික ලක්ෂණ වල තිබෙන ඉදිරිගාමී සංස්කෘතික ලක්ෂණයන් වෙනුවෙන් පෙනීසිටීමයි. සමාජය ඉදිරියට ගමන් කිරීමට එරෙහි වන පසුගාමී කොටස් සෑමවිටකම අල්ලා ගන්නා ප්‍රධානම ලක්ෂයන් වන්නේ මේ පසුගාමී සංස්කෘතික කාරණයන්ය. ඔවුන් තම දේශපාලන පසුගාමීබව වසාගැනීමේ කඩතුරාව ලෙස මෙම පසුගාමී සංස්කෘතිය…
by · September 25, 2019 · 0 comments · SL Politics
සැබෑ සමාජ බලවේගයකට අඩිතාලම.

සැබෑ සමාජ බලවේගයකට අඩිතාලම.

කාලයක් තිස්සේ සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්පේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ පක්ෂ 28 කට එකතුවකින් පසුගියදා ගාලු මුවදොර පිටියේ පැවැත්වූ විශාල ජන රැළියෙන් යුගයට අත්‍යාවශ්‍ය අලුත් බලවේගයක් ගොඩනැගීම ආරම්භ වී ඇති බව පෙන්නුම් කළා යන්න මගේ වැටහීමයි. ඉදිරිගාමී දේසපාලන පක්ෂ, බුද්ධිමතුන්, කලාකරුවන්, සමාජ ක්‍රියාධරයන් ඇතුළු විවිධ කණ්ඩායම් වල එකතුව ඇත්ත වශයෙන් ම කියන්නේ නම් සමාජ බලවේගයක එකතුවක් සඳහා පදනමක ආරම්බය පෙන්නුම් කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම බලවේගයන් මීට ප්‍රථම එකට වැඩ කිරීමට නොහැකි කණ්ඩායම් ලෙස, ඒවාගේම බොහෝවිට පසමිතුරැ ලෙස පැවති…
by · September 2, 2019 · 0 comments · SL Politics
විධායක ජනාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදය

විධායක ජනාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදය

දැන් නැවතත්  ල‍ංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාවතුලත්‍, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් සහ සමාජ බලවේග සෑම එකක් ම පාහේ දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරනු ලැබීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාම තමන් වෙත බලය දෙනලෙස ඉල්ලූ ජනාධිපතිවරුන් අඩුම තරමින් තුන් දෙනෙක් තමන් බලයට පත් වූ පසු තමන්ගේ පොරොන්දු ඉටු කරනවා වෙනුවට එම ජනාධිපති තනතුර තදින් වැළඳගත් අතර එය අහෝසි කිරීමට එරෙහිව කි‍රියාත්මක විය. මේ තරම් අර්බුද ඇති කරන මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උවමනාවෙන් පෙළෙන දේශපාලන…
by · September 1, 2019 · 0 comments · SL Politics
සිරිසේනගේ ඒකාධිපති වියරුව නොහොත් පණ්ඩිතයා පා නොතබන පොළොවෙහි මෝඩයා උඩ පැන නැටීම.

සිරිසේනගේ ඒකාධිපති වියරුව නොහොත් පණ්ඩිතයා පා නොතබන පොළොවෙහි මෝඩයා උඩ පැන නැටීම.

  අහම්බයකින් ජනාධිපතිවරයා බවට පත්වීමට අවස්ථාව ලද සිරිසේන තමන්ට බලය ලබාගැනීම සමග ඔහුගේ හිස බලය නිසා තෝන්තු කරගත් බව දිනෙන් දින පෙන්නුම් කරමින් පවතී. ඔහු මුලින්ම තමනට බලය ලබා දීමට මුල් වූ මිනිසුන්ට එරෙහිව, ඔහු එදා ඔහුගේ විරුද්ධකරුවන් යයි හෝ ඔහුව මරාදැමීමට බලා සිටින පුද්ගලයින්යයි හැඳින්වූ අය සමඟ අත්වැල් බැඳ ගනී. ඒ තමනට තවදුරටත් බලයෙහි දිගින් දිගට රැඳී සිටීමට ඇති කෑදර කම නිසාවෙනි. ඔහු තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින්, ඇත්තෙන්ම නීතිවිරෝධීව තම බලය පාවිච්චි කරමින්, හැසුරුණු ආකාරය රටේ පුරවැසියන්ගේ පිළිකුලට මෙන්ම ලෝකයේ අපවාදයටද ලක්වූ අතර ලංකාවේ නීතිය සහ අධිකරනය විසින් ඔහුව එක්තරා දුරකට හීලෑ කරනු ලැබුවා වුවත්, ඔහු ඒවායෙන්…
by · February 13, 2019 · 0 comments · SL Politics
ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව  ජනප්‍රියවාදය.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනප්‍රියවාදය.

  මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතුවී ඇති අවධියකි. බොහෝවිට පාර්ලිමේන්තු තුළත් ‌දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්චා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී ඇති මෙම ජනප්‍රියවාදී රැල්ල මා දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මතුව ඇති ආශිර්වාදයක් ලෙසයි. ජනප්‍රිය වාදීන්යනු ඇත්තවශයෙන්ම අද ලෝකය පුරා මතුවී ඇති සමාජ සහ දේශපාලන ප්‍රශ්නයන්හි ව්‍යාකූල බව ඉදිරියේ, මේ අලූතින් මතුව ඇති ප්‍රශ්න යන්හි ව‍යාකූල බව නිසාම, ඒවාට විසඳුම් සෙවීමට මහන්සි ගන්නවා වෙනුවට කලකට ඉහත පැවතුණා යැයි පැවසෙන දිදුලන සමාජ තත්වයක් ලබා ගත හැකි යැයි සිහින මවන පසුගාමී මිනිසුන් කොටසකි.ඇත්ත වශයෙන්ම ඔවුන් උත්සාහ කරන්නේ ඉතිහාස රෝදය ආපසු කරගැනීමටයි. සමාජ…
by · February 13, 2019 · 0 comments · SL Politics
ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපති සහ ජනතාව.

ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපති සහ ජනතාව.

  රාජාණ්ඩු වලට එරෙහි ජනතාවන් විසින් කරන අරගල තුළින් බිහිවූ සමාජ ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයයි. රාජාණ්ඩුවක් තුලින් පවත්වාගන්නේ ආධිපත්‍යවාදී යටපත් කිරීමේ රාජ්‍ය ක්‍රමයකි. එම සමාජයේ සවාදීන මිනිසුන් නොමැත. මේතත්වයෙන්  මිදී නිදහස් මිනිසා බවට පත්වීමේ මිනිස් පිපාසය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ගනු ලබයි. නමුත් ඒය දිගුඅරගලයක දිනාගැනීම් මිස තෑගිලෙස ලැබූ දිනාගැනීම් නොවෙති. මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ ආරම්භය එතරම් දුර නැත. ඒ වාගේම මේ වනතුරුත් ලෝකයේ රටවල් ප්‍රමාණයක අධිපතිවාදී රාජාණ්ඩු පවතී. රාජාණ්ඩු වලට එරෙහිව කැරලි ගසා සටන් කර සටන් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී නීති පද්ධතියක්, රාජ්‍ය ක්‍රමයක්, ගොඩනඟා ගනු  ලැබූ රාජ්‍යයන් තුළ බොහෝවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ විධායක ජනාධිපති ක්‍රමයක් Read more [...]
by · February 7, 2019 · 0 comments · SL Politics
සිදුවීම් එසේම සිදුවෙමින් පවතී.

සිදුවීම් එසේම සිදුවෙමින් පවතී.

  ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන කියන දේවල් තුළින් පෙන්නුම් කෙරේ. කුමන්ත්‍රණය සිදුවූ වහාම එවකට රජයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔවුන්ගේ හිතවතුන් මෙන් ම ‍රජාතන්ත්‍රවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින සියලුම පාහේ දේශපාලන බලවේගයන් සහ සමාජ බලවේගයන් එක පෙළට සිට ගනු ලැබීය. ලංකාවේ මෙතෙක් සිදුවු බැරෑරුම්ම දේශපාලන අර්බුදය බවට එම කුමන්ත්‍රණ කාලය අයිති වන අතර  ප්‍රගතිශීලීබලවේගයන් තම දේශපාලන විෂම තාවයන් තිබුනා වුවත් එකම බලවේගයක් ලෙස එම ප්‍රතිගාමී බලවේගය පරාද කිරීම සඳහා එකාවන්ව එකට නැගී සිටිනු ලැබීය.…
by · February 7, 2019 · 0 comments · SL Politics
පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.

පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.

  තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙය සිදු වී තිබෙද්දීත්අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බව රනිල් පවසා තිබීම ගරු කටයුතු ය.  නමුත් රටක් නම් එහි නීතිය ක්‍රියාත්මක විය යුතුය. පලි ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ව සිදුවන ක්‍රියාදාමයන් දෙකකි. නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් නොවේ. අප බැලිය යුත්තේ මේ ඇතිවී ඇති අර්බුදය කුමක්ද කියායි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අද සිදුවී ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයකි. කුමන්ත්‍රණයක් තුළින් රටක බලය ඇල්ලීමට උත්සාහ කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. තමන් ජනාධිපතිවරයා වූ පලියට ඔහුට රටේ නීතියට…
by · February 7, 2019 · 0 comments · SL Politics
අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.

අප නැවතත් ජනවාරි 9 වැනිදා වෙත පැමිණ සිටිමු.

  සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වන විට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති.  සිදුවී ඇති තත්වය ගැන අපට සතුටු නමුත් මේ උදාවී ඇති තත්ත්වය අපගේ නැත්නම් රටේ ජනයාගේ යහපත පිණිස හරවා ගැනීම දැන් ඇති බැරෑරුම්ම කාර්යයි. ඒ අන් කිසිවක් නිසා නොව මෙතෙක් සිදුවීම් සිදුව ඇත්තේ රටේ ජනතා වුවමනාවන් ඉටු කිරීමට වඩා බලය ලැබූ අයගේ සිතැඟි ඉටුකර ගැනීම පිණිස බැවිනි. මගේ වැටහීම අනුව අප නැවත ළඟාවී ඇත්තේ 2015 ජනවාරි නමවෙනිදා තිබූ තත්ත්වයටයි. ජනවාරි  8 වැනිදාට ප්‍රථම තත්වය වූයේ එදා සියලු බලවේග එක්ව…
by · February 6, 2019 · 0 comments · SL Politics
ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ ක්‍රියාවකි. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂයි. ඔවුන්ගේ මේ ව්‍යායාමය අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාවකි.  ඒ වාගේම උන්ගේ හෙංචයියන්වන රස්තියාදුකාර මැර මන්ත්‍රීවරු හැසිරෙන්නේ ඒදා හිට්ලර්ගේ ඒස්. ඒස් කණ්ඩායම ඒ අවධියේ ජර්මන් පාර්ලිමේන්තුවේ සහ ඔවුන්ගේ සභාගැබවල හැසිරෙන ආකාරයෙනි. සිරිසේනගේ සහ රාජපක්ෂගේ මේ බල වියරුව ඒකාධිපති බව අභිබවා පැසිස්ට්වාදී ක්‍රමයකට රට ගෙන යාමට ඇති ඉඩකඩ බොහෝ බව මේ මැර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය පැහැදිලිව පෙන්නුම් කරයි. ජනාධිපතිවරයා ලේ පිපාසාවකින් පෙළෙන බව ඔහුගේ…
by · February 6, 2019 · 0 comments · SL Politics