Other News

එක මොහොතක් නතරවෙන්න.

එක මොහොතක් නතරවෙන්න.

නවීන ලෝකයේ වේගයෙන් හඹා යෑමේ ක්‍රියාවලිය එක මොහොතක් නතර කිරීමට කාලය පැමිණ ඇත. මිනිසා විසින්, තමන් විසින්ම ක්‍රියාත්මක කරවන, සීමාවක් නැති වේගයකින් ලෝකය තුළ ගමන් කරවමින් පැවතුන ක්‍රියාදාමය ඔවුන්ගේම ආරක්ෂාවට ප්‍රශ්නයක් මතු කර ඇත. නමුත් බොහෝ දෙනෙකුට මෙම මොහොතක නතර වීම, ඔවුන්ගේම ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වී ඇති, ඉවසා ගැනීමට බැරි තත්වයක් ඔවුන් තුළම ගොඩනගාගෙන ඇත. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එක මොහොතක් නතරවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇත. ඒ කොරෝනා වෛරසය එය පැතිරෙන වේගය නිසාවෙන්ම එයින් මිදීමට මිනිසාට මොහොතක් නතර වීමට බළකර ඇත. මිනිස් ශිෂ්ටාචාරයන්ගේ ආරම්භයේ සිටම වසංගතයක් ඇතිවීමේදී ඔවුන් නිසගයෙන්ම යොදා ගන්නට යෙදුණු ඉතා ස්වාබාවික ආරක්ෂිත ක්‍රමය වූයේ වෙන්කිරීමයි. විශාල…
by · March 23, 2020 · 0 comments · SL Politics
ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා.

ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා.

ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව  ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම ජාතික පදනමට යාම, සියල්ල තම සුපරික්ෂාකාරී ත්වය මත පවත්වා ගැනීම ආදි වචන මාලාවකි. එම වචන පද්ධතිය ලොව පුරා ජනප්‍රියවාදීන්ගේ ජාතිවාදීන්ගේ මේ අවධියේ ප්‍රධාන දේශපාලන වචන බවට පත්වි ඇත. ලෝකය එකට බැඳී ඇති බැමිවලින් එසේ නැත්නම් අද වන විට ලෝකය එකට වෙලී ඇති ක්‍රියාදාමයන්ගෙන් එය මුදවා ජාතික රාජ්‍යයන් ලෙස එකිනෙක පවත්වාගැනීම යන අර්ථය මෙම වචන යන්හි මූලික හරයයි. මෙම ජනප්‍රියවාදී මත ප්‍රචලිත කරන ජාතික තලයේ නායකයින් තම පටු දේශපාලන වාසි…
by · March 8, 2020 · 0 comments · SL Politics
ජාතිවාදී  විෂෙන් ඔත්පල වූ සමාජයක්!

ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!

ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන විට අප අතර තිබේද? නැත. රටෙහි සුළු ජන කණ්ඩායම් වලට පමණක් නොව රටෙන් පිට සිට රටට පැමිණෙන සරණාගතයින් වැනි පුද්ගලයින්ට අප සලකන්නේ කෙසේද? අපේ ආගන්තුක සත්කාරය රසවිඳිය හැක්කේ අපට මුදල් රැගෙන පැමිණෙන මිනිසුන්ට පමණද? රොහින්‍ගයා  සරණාගතයන්  හෝ වෙනත් රටකින් පැමිණෙන අතමිට හිඟ මිනිස්සුන්ට අපේ සැලකීම කෙසේද? දේශපාලන සරනාගත පකිස්තානුවනට අපේ සැලකීම කෙබඳුද. අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය ඇති හැකි අයට පමනද?  අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය මැනිය හැක්කේ ආරක්ෂාවක් නැති මිනිසුන්ට අප දක්වන මිතුරු බව තුලින් මිස, ඔවුනට දෙන…
by · March 6, 2020 · 0 comments · SL Politics
හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?

හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?

ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට පත් කරන එක වදනක් තුළ පමනක් විශාල වැදගත්කමක් ඇත. එ වැනි ප්‍රකාශයක් රටක නායකයකු ප්‍රසිද්ධියේ කරන්නේ ඉතා කලාතුරකිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු නම් කිසිම අයුරකින් එවැනි ප්‍රකාසයක් නොකරනු ලබයි. විධායකය ගන්නා තීරන හා ‍ක්‍රියාත්මක කරන ක්‍රියාවන්ට අධිකරණය හෝ නිලධාරීන්ගේ බාධා ඇති නොකරනු ඇති බව ඔහු බලාපොරොත්තු වන බව ඔහුගේ එම ප්‍රකාසයයි. එහි ඇති ව්‍යංගාර්ථය වන්නේ රටේ දේශපාලන අධිකාරිය ගන්නා තීරණ ‍හා ක්‍රියාවට නගන ක්‍රියාවන්ට අධිකරණය හෝ රාජ්‍ය නිලධාරීන් ඇඟිලි නොගැසිය යුතු බවයි.…
by · March 2, 2020 · 0 comments · Uncategorized

ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී.

මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගතයුතු අවධියකි. තමාවිසින් තමන්වම ගස්බැඳගන්නා, තමන් තමන්ටම දඬුවම් දී ගන්නා අවධියකි. මිනිසුන් තමන් විසින් තමන්වම පැහැරගෙන යනු ඇත.  ස්ත්‍රීන් තමන්වම දූෂණය කර ගන්නා අතර අතුරුදහන් වූ මිනිසුන් තමන් විසින්ම අතුරුදන්වේ. එසේ නැතිනම් අපි එය එසේ වූවායයි සිතනු ලබන අවදියකි. මේ ලබා ඇති කලියුගයේ බොහෝ දෙය සිදුවිය හැකි ය. මේ යුගයේ අපට අතීතය සම්පූර්ණයෙන්ම වාගේ අමතක වී ගොස් බොහෝ දේ මතකයෙන් ඈත් වනු ඇත. එසේ නැතිනම් අතීතය සහ වර්ථමානය අතර සම්බන්දයක් නැතිබව අප අපටම සපත කර ගනිමු. පැහැරගැනීමට ලක්වූ ස්ත්‍රියක් තමන් මුහුණ දුන් වේදනාවන් ගැන කතා කිරීම අප ඇතුලු  සමාජයක්ම විහිළුවක් කොට ගන්නා තත්ත්වයක්…
by · December 25, 2019 · 0 comments · SL Politics
පැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව.

පැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව.

සියලුම පැසිස්ට් රාජ්‍යයන් ගොඩනැඟෙන්නේ මහා යක්ෂ මූණක් ලෝකයට පෙන්වමින් නොව ඉතා මානුෂික මූනක් සහ සෑම විටම ඉතා තද හික්මීමක් සහ නීත්‍යානුකූල බවක් පෙන්වමිනි. එමෙන්ම ඉතා කෙළින් වැඩ කරන තත්ත්වයක් සහ සමාජයේ කොටසකට සිදුවී ඇති අසාධාරණය නැති කිරීමට වැඩ කරන ගැලවුම් කරුවන් කොටසක් බව පෙන්වමින් ඉතා මානුසික මුහුණුවරකින්ය. එසේ ගැලවුම්කරුවන් අවෂ්‍යයයි සමාජයක මනස සැකසෙන්නේ රටක්තුල, සමාජයක් තුල, විවිධ ආකාරයෙන් මතු කළ අනාරක්ෂිත බවක්, සමස්ත සමාජය තුළ බිය රජ කරවීමක්, ආදී කාරණාවන් සතාපිත කරනු ලැබීම හේතුවෙනි. ෆැසිස්ට් රාජ්‍යයක් හදිසියේ ඉබේ   මතු නොවේ. පැසිස්ට්වාදී බලවේගයන් බලයට ඒමට ප්‍රථම ඔවුන් ඒ සඳහා වශ්‍ය වන සමාජ මානසික මට්ටම සකසනු ලබයි. බොහෝ විට එය ඉතා කෙටි…
by · December 20, 2019 · 0 comments · SL Politics
ඒකාධිපති යනට පාර්ලිමේන්තුව අරහංය.

ඒකාධිපති යනට පාර්ලිමේන්තුව අරහංය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ජනතා කැමැත්ත ලබාගෙන බලයට පැමිනෙණ ඒකාධිපති බලවේගයන් නැතහොත් ඒකාධිපතියන් බොහෝවිට කරනුයේ පාර්ලිමේන්තු බලය ක්‍රියා විරහිත කර එසේ නැත්නම් පාර්ලිමේන්තු අහෝසි කර බලය ඔවුන් අත ගොනු කර ගැනීමයි. ලෝකය පුරා මෙතෙක් ක්‍රියාත්මක වී ඇති ඒකාධිපතියන් ක්‍රියාත්මක වීඇත්තේ එසේ නැත්නම් ඒකාධිපති නැඹුරුවක් ඇති දේශපාලන බලවතුන් ක්‍රියාත්මක වී ඇත්තේ මේ ආකාරයෙනි. රටක දේශපාලන බලවේගයන් කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හැඩගැසී තිබුනා වුවත් ඒකාධිපති නැඹුරුවක් ඇති පුද්ගලයින් බලය තමා අතට ගත් විට එම බලය අයුතු ලෙස පරිහරණය කරමින් පාර්ලිමේන්තු සමග ගැටීම් ඇතිකර ගනී. විසේසයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය පවතින රටවල්වලට මෙය තදින්ම බලපානු ලබයි. එයට හොඳම උදාහරණයක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. පසුගිය…
by · December 20, 2019 · 0 comments · SL Politics
හඬනු මැන  ලංකා.

හඬනු මැන  ලංකා.

තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම,  රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන ගොස් අතපය කඩා දැමීම, සහ අතුරුදහන් කිරීම වැනි බරපතළ චෝදනා රාශියකට වගඋත්තරකරු ලෙස රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ගණනාවක් පවතින ඒ වාගේම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව පවා පැහැදිලි බවක් නොමැති චූදිතයකු රටේ ජනාධිපතිවරයා ලෙස සිංහල ජනයා විසින් පත් කරගෙන ඇත. මෙසේ අධිකරණ ක්‍රියාදාමයකට යටත්ව සිටින අයකු රටේ ජනාධිපතිවරයා ලෙසින් නොව මන්ත්‍රීවරයකු ලෙසින් හෝ පත්කරගැනීම නීතිමය වශයෙන් පමණක් නොව සදාචාරාත්මකව ම බැලුවා වුවත් ප්‍රශ්නයකි. නමුත් සිංහලයින්ගේ ආධිපත්‍යය සඳහා රටක් අවශ්‍ය බවට මොර දෙමින් පටු…
by · December 15, 2019 · 0 comments · SL Politics
හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය

හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය

  පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ විරුවන් ලෙසත්, දකුණේ එය රණවිරුවන් ලෙසත් සමාජගත කර ඇත. මොනයම්ම සමාජයක් හෝ හමුදාකරණයට යටවීම, එසේ නැත්නම් හමුදාවන් උතුම් ත්ත්වයට පත්කිරීම හොඳ දෙයක් නොවේ. ඒ අන් කිසිවක් නිසා නොව හමුදාවක් යනු අණකට කීකරු වන මිනිසුන් කණ්ඩායමක් පමණක් මිස සවාදීන මිනිසුන්ගෙන් සැදුන සමාජයක් නොවන බැවිනි. එවැනි සමාජයක විවිධත්වයට ඇති ඉඩ අත්‍යන්තයෙන්ම වලකා ලනු ලබන බැවිනි. හමුදාවක සිදුවන්නේ එකම ආකාරයක ක්‍රියා දාමයකට, එකම ආකාරයක අනකට යටත්, එකම ආකාරයක ඇඳුමකට, එකම ආකාරයක පැවැත්මටත්…
by · October 7, 2019 · 0 comments · SL Politics
මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි.

මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි.

ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ පක්ෂයේ, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ, අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරනු ලැබීය. එය ලංකා දේශපාලනයට අලුත් යමක් නොවන බවද අප දනිමු. මෙතෙක් බලයට ආ දේශපාලන පක්ෂ සහ බලවේග නිදහසින් පසු ලංකාවේ දැවෙන ප්‍රශ්නයන් පිළිබඳව වගේ වගක් නැතිව, එසේ නැත්නම් පැහැදිලිවම ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයකට යොමු නොවෙමින් වැඩ කළ බව පැහැදිලිය. නිදහසින් පසු ලංකාවේ තරුණ කැරලි ගණනාවක්ම සිදුවූ අතර තරුණ තරුණියන් දස දහස් ගණනින් මරා දැමීමද සිදුවෙනු ලැබුණි. ඒ වාගේම සුළු ජන කණ්ඩායම් වල අයිතීන් පිළිබඳව පැන…
by · September 30, 2019 · 0 comments · SL Politics