හැමන්හිල් හිරගෙදර ‘සමාජවාදී රාජ්‍යයක්’ -කාම්බෝජ මතකයන් රංජිත් හේනායක

hammenheil-wijeweera

කාම්බෝජය අපේ අවධානය ඇදගන්නේ වියට්නාම් යුද්ධය සමගයි. ඒ හැට ගණන්වල අගදී. ඇමරිකන් හමුදාවන් කාම්බෝජයේ දකුණු වියට්නාම් මායිම්වලට බෝම්බ දැමීම සහ එවකට බලයේ සිටි නරදම් සිහනුක් කුමරුන් චීනයට ගිය මොහොතේ ඔහුව බලයෙන් පහ කර හමුදා කුමන්ත්රඑණයකින් ඇමරිකන් රූකඩ ජෙනරල් ලොන්නොල් කාම්බෝජයේ බලය ඇල්ලීම හේතුකරගෙනයි. ඇමරිකන් අධිරාජ්යරවාදයට එරෙහි මතයක සිටි අපි එවකට රහසිගතව ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගමින් සිටියෙමු. වියට්කොන් ගරිල්ලා හමුදාවන්වල ජයග්රවහණයන් අපේ ප්රා්ර්ථනය විය. කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂය සිහනුක්ගේ රජයට විරුද්ධව රහසිගතව වැඩ කළ හැට ගණන්වලදී එහි නායකයින් ගැන අපට අවබෝධයක් නොතිබුණ.
71 අසාර්ථක කැරැල්ල නිසා සිරගත වූ අපට විශාල ආශ්වාදයක් ලබාදෙමින් වියට්කොන් ගරිල්ලා හමුදා සහ කාම්බෝජ ‘කෙමර්රූජ්’ Kehmgr Rouge (රතුකෙමර්) සාර්ථක පහරදීම් කරනු ලැබීය. වියට්කොන්වරු නියෝජනය කරමින් ලේ ඩක් තෝ සහ තී බීන් මැතිණියත් කාම්බෝජ විමුක්ති හමුදා නියෝජනය කරමින් කියු සම්පන් ජිනීවා සාමා සාකච්ඡාවන් සඳහා එන පිංතූර පුවත්පත්වලින් දකින කියවන අපි සතුටින් උද්දාම වූවෙමු. නිහතමානී සිනහවකින් මුව පුරවාගත් කෙසග සිසුරකට හිමිකම් කියූ කියු සම්පන් මගේ ලෝකයේ වීරයෙකු වූයේ එවකට මාද තද මාඕ වාදියෙකු වූ බැවිනි. ඒ කාම්බෝජ ‘කෙමර්රූජ්වරුද’ මාඕ වාදීන් ලෙස අප හදුනාගෙන සිටි බැවිනි. සිරගෙවල් තුල දහසක් වේදනා මැද ජීවත් වූවා වුවත් මේ විමුක්ති අරගල සාර්ථක භාවය අපට විශාල මානසික සවියක් ලබාදුන්නේය. කාලය සමග මේ මතකයන් බොද වී ගොස් තිබූ අතර පොල්පොට්ගේ කෘර පාලනය ගැන වරින්වර යමක් කියවූ නමුත් අපේම ජීවිතවල ඇති හැලහැප්පීම් මැද මේ මතකයන් මතකයේ කොන්වල මුළු ගැන්වී තිබුණි.
මේ වසරේ ග්රී ස්ම නිවාඩුවට කාම්බෝජය සහ වියට්නාමය දැක බලා ගැනීමට තීරණය කිරීම සමග අතීත මතකයන් ප්ර මාණයක් නැවත සිහි කැඳවනු ලැබීය. නමුත් අහම්බයකින් මෙන් මගේ ජීවිතයට වැදගත් සිදුවීමක්ද මේ අවධියේම කාම්බෝජයේ සිදු වෙමින් පැවතුණි. ඒ එදා විමුක්ති හමුදා මෙහෙය වූ කාම්බෝජ රතුකෙමවරුන්ගේ (කෙමරූජ්වරුන්ගේ) ඉතිරි වී සිටි නායකයින් දෙදෙනෙකුට එරෙහිව ජාතික සහ ජාත්යසන්තර විශේෂ අධිකරණයක් විසින් නඩු තීන්දුව දීම අගෝස්තු මස 07 වන දිනට යෙදී තිබීමයි. මේ නඩු තීන්දුව දෙනු ලබන්නේ එදා මගේ ලෝකයේ වීරයෙකු වූ කියු සම්පන්ට සහ නුවෙන් චියා ‘කෙමර්රූජ්’ නායකයින් දෙපලට එරෙහිවයි. මෙය දැනගත් අපි මමත් මගේ බිරිඳත් එම උසාවි තීන්දුව දෙන අයුරු දැක බලා ගැනීමට උසාවියට යාමට අවසර ජාත්යලන්තර අධිකරණයෙන් ඉල්ලා සිටියෙමු. ඒ අප කාම්බෝජයට පිටත් වීමට ප්රඋථමයි. කාම්බෝජයේ රතු කෙමවරුන්ගේ පක්ෂයේ දෙවන නායකයා නොහොත් සහෝදර නොම්බර 02 වූ නොයෙන් චියා සහ ප්රතජාතන්ත්රයවාදී කාම්බෝජයේ ප්රරථම ජනාධිපතිවරයා වූ කියු සම්පන් යන දෙදෙනාට එරෙහිව ඇසූ නඩුව ජාතික සහ ජාත්යකන්තර විනිසුරු මඩුල්ලක් මගින් විභාග කළ අතර මේ දෙදෙනාට තිබූ චෝදනා වූයේ මනුෂ්යසත්වයට එරෙහිව අපරාධයක් කිරීම හා ඒවාට අනුබල දීම වැනි මූලික හේතූන් මතය.
‘කෙමර්රූජ්’ නමින් හැදින්වුන කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය හැට ගණන්වල සම්පූර්ණයෙන්ම රහසිගතව සැගවුණු ව්යා්පාරයක් ලෙස ක්රිුයාත්මක වූ අතර ඔවුන් තම පක්ෂය හැදින් වූයේ අන්කා (Angkar) ‘ව්යායපාරය’ යන වචනයෙනි. කාඩ්ර්වරු හැදින්වූයේ සහෝදර නොම්බර 01, නොම්බර 02, නොම්මර 03 ආදී වශයෙනි. එනිසා පක්ෂ අභ්යවන්තර අයෙකු හැර අන්අය ඔවුන්ගේ සැබෑ නම් දැන ගත්තේ නැත. හැට ගණන්වල එවකට බලයේ සිටි සිහනුක් කුමරුට එරෙහිව සංවිධානය වූ මේ කොමියුනිස්ට් වරුනට ‘කෙමර්රූජ්’ යන නම පට බදින්නේ සිහනුක් රජය විසිනි.
මගේ මතකයන් හැට ගණන්වලට යද්දී අපි එදා රහසිගතව ‘ව්යාවපාරය’ ගොඩ නැගුවෙමු. අපේ නායකයින්ට නොම්මර නොමැති වුවත් හැම කෙනෙකුම හැදින්වූයේ අන්වර්ථ නම් වලිනි. සැගවී වැඩ කරමින් සිටි අපට ‘චේගුවේරා කාරයෝ ‘ ලෙස නම පට බදින්නේ ලංකා රජයයි.
ජෙනරල් ලොන් නොල්ගේ ඇමරිකන් ගැති රූකඩ රජයට එරෙහිව රතු කෙමර්වරු සහ සිහනුක් සන්ධාන ගත වන අතර 1975 අප්රේ්ල් මුල වන විට ‘කෙමර්රුජ්’ හමුදාවන් නොම් පෙන් නගරය අල්ලා ගනී. ලොන්නොල් රජය නෙරපා හරිනු ලබයි. ඒ වන විට මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් ලෙස සිටි අපි සතුටින් උද්ධාමයට පත්වී ප්රීලති ගෝසා පැවැත්වූයේ ඇමරිකන් අධිරාජ්යසවාදීන්ට පළමු මාරාන්තික ප්රධහාරය දෙමින් රතුකෙමවරු කාම්බෝජයෙන් ඇමරිකන් හමුදාව පලවා හැරීම නිමිත්තෙනි. ‘කෙමර්රූජ්’ හමුදාවන් නොම් පෙන් නගරයට ඇතුළුවන විට එහි ජනයා ප්රීවතිඝෝෂා පවත්වමින් කෙමර්රූජ් හමුදාවන්ට මල්මාලා පළන්දවමින් සතුටින් ඉපිලෙමින් ඔවුන් පිළිගනු ලැබුණි. එතෙක් පැවති ජෙනරාල් ලොන්නොල්ගේ ඇමරිකන් ගැති රූකඩ කෘර පාලනයෙන් මිදීමේ සතුට ජනයාගේ ඔල්වර හඬවල් තුල රැදී තිබුණි.
ඔවුන්ගේ ඒ සතුට කෙටි එකක් කරමින් ‘කෙමරූජ්වරුන්’ වහාම ක්රිේයාත්මක වන පරිදි පැය 72 ක් ඇතුළත නොම් පෙන් නගරයේ ජනයාට නගරයෙන් පිටවන ලෙස දැනුම් දෙනු ලබයි. ඔවුන් හේතුව ලෙස දන්වන්නේ ආරක්ෂක හේතූන් වුවත් රතු කෙමවරුන්ගේ දේශපාලන වැඩසටහනක් ඒ තුල සැගවී තිබුණි. මිලියන 2 ක ජනතාවක් ජීවත් වු නගරය පැය 72 ක් ඇතුළත සම්පූර්ණයෙන් හිස් කරන අතර ඔවුන් සියළු දෙනා ඈත ගම්මාන වෙත ගමන් කරවනු ලබන්නේ බලෙනි. කෙනෙකු විරුද්ධ වූවානම් ඔහුට අත්වූයේ මරණයයි. ළදරුවාගේ සිට මරණ මංචකයේ සිටින මහල්ලා දක්වා මෙසේ පිටතට යවන රතු කෙමර්වරු නගරයෙන් පිටදී ඔවුන්ගෙන් ප්රංශ්න කර ඔවුන් විවිධ කඳවුරු සහ වැඩබිම්වලට බෙදා හරිනු ලබයි. පන්ති සතුරන් ලෙස ගැනෙන අය වෙනම වදකාගාරවලට යවන අතර ඒවා තුල මැරෙන තුරු වැඩ කිරීමට සලස්වති. ආහාර, ජලය සහා බෙහෙත් හිගයෙන් තවත් බොහෝ දෙනෙකු මේ ගමනේදීම තම ජීවතය අවසන් කරති. මේ ආකාරයෙන් 1975 අප්රේ්ල් මාසයේ ඇරඹෙන ‘ප්රීජාතන්ත්රතවාදී කාම්බෝජ රජය’ කාලයේ ප්රලධාන නගර පාලු බිම් බවට පත්කරන අතර ‘අලුත් මිනිසුන්’ ‘ගොවි සමාජවාදයක්’ ඇති කිරීමට කරන බලහත්කාරී ක්රි යාදාමය තුල 1979 ජනවාරි වන විට මිලියන 2 කට වැඩි කාම්බෝජ වැසියන් ප්රදමාණයක් වෙත මරණය කැඳවනු ලබයි. සියලුම විරුද්ධවාදීන්, වෙනත් මතධාරීන්, බුද්ධිමතුන් මෙන්ම වියට්නාම සම්බවයක් ඇති සහ චීන සම්බවයක් ඇති සුළු ජන කණ්ඩායම් සමූළ ඝාතනයකට යටත් කරනු ලබන්නේ නව මිනිසෙකු සහ නව සමාජයක් බිහි කිරීම අරමුණු කරගෙනයි.
නොම් පෙන් නගරය තුල තිබූ රහස් පොලිස් මධ්ය ස්ථානය වූ ටූල් ස්ලෙන්ග් (Tuol sleng) නැරඹීමේදී මගේ නිති සිහියට නැගුනේ මා දැනට ජීවත්වන බර්ලින් නගරයේ ඇති නට්සි ජර්මනියේ රහස් පොලිස් මූලස්ථානය වූ ගෙස්ටාපෝ මූළස්ථානයයි. ටූල් ස්ලෙන්ග් වලට පැමිණි හැම සැකකරුවෙකුම මුලින්ම ෆොටෝ ගසා ලේඛණ ගත කර ඇති අතර නම් ගම් සහිතව ඔවුන් පැමිණි දිනය හා මිය ගිය දිනය සඳහන් කර ඇත. මෙම වධකාගාරයට පැමිණි කිසිවෙකු පණපිටින් එළියට ගිය බවක් සඳහන් නොවේ . මෙම වධකාගාරතුල පිංතූර ගසා ලේඛණ ගත කර ඇති ප්ර මාණය 14000කට වැඩිවන අතර මෙයින් වැඩි දෙනෙකු ‘කෙමරූජ් ‘ පක්ෂය තුල සිටි මතවාදී වෙනස්කම් නිසා අත්අඩංගුවට ගත් කාඩර්වරු සහ ඔවුන්ගේ පවුල්වල අය වෙති. මෙම වධකාගාරය පවත්වා ඇත්තේ නොම්පෙන් නගරය මැද තිබූ මහ විද්යා ලයක වන අතර මගේ සිහියට මතුවූයේ ලංකාවේ රහස් පොලිස් මධ්යේස්ථානයන්හි අපව තබාගෙන වදදුන් වධකාගාර තිබූ කොළඹ නගරයයි. කොළඹ කොටුව ඇතුළු නගරයේ ප්ර්ධාන ජනාකීර්ණ පෙදෙස්වල මෙම වධකාගාර පවත්වාගනු ලැබුණි. හතරවන තට්ටුව, ලොන්ඩන් ප්ලේස් වධකාගාරය සහ විජේරාම මාවත වධකාගාරය එදා හැත්තෑ ගණන්වල මාද වදයට ලක්වූ වධකාගාර වේ.
රතුකෙමර්වරුන්ද ජර්මනියේ නාට්සි මෙන්ම තමන් වදයට පත්කරන මරා දමන අය පැහැදිලිව ලේඛණ ගත කර ඇත. මේ වධකාගාරයේ ඇති පිංතූරවල වැඩි දෙනෙකුගේ දෑස්වල ඇති බැල්ම තුල ගම්යර වී ඇති භිය, ත්රාතසය, අවිනිශ්චිත බව එම පිංතූර දෙස බලන කෙනෙකු තුල අදටත් හද සලිත කරනු ලබයි. ඒ පිංතූරවල බැල්ම දකිනා බොහෝ දෙනෙකුගේ දෑසින් කදුළු වැගිරෙන අතර තවත් අය හඬා වැටෙනු දැකිය හැක.
රතු කෙම ඝාතනයන් සහ ඒ දේශපාලන අතීතය දකින මට මගේ අතීතය අප සිරගතව සිටි අයුරු, හැමන්හිල් දූපත් හිරගෙය තුල අපේම සහෝදරවරුන්ගේ කියුම් කෙරුම් එකින් එක මතකයට නංවනු ලැබීය. හැත්තෑ එකේ සිරගෙවල්තුල මතවාදී අරගලය යකඩපොලුවලින්, මන්න පිහිවලින් සහ උල්කටුවලින් කළ ආකාරය සිහි ගැන්වීය. (බක්මහ කදුළු පොතේ මා විස්තර කර ඇත්තේ මේ ගැනයි) ”පොල්පොට්ලාගේ එක කියමනක් වූයේ ද්රෝේහීන් සහ ප්ර තිගාමීන් සමූළ ඝාතනය කළ යුතුය. නමුත් ඔවුන් සදහා මූනිස්සමක් වැය නොකළ යුතුය” එනිසාම නොම්පෙන් නගරය ආසන්නයේ ඇති එක වධකාගාරයක මරාදමා ඇති 22000කට වැඩි පිරිසකගේ මරණයන් සිදු කර ඇත්තේ උදළුබදු වලින්, මිටිවලින්, පොලු වලින්,කෙටේරි වලින් සහ මන්නා පිහිවලින් පහර දීමෙනි. සමුහ මිණීවළවල් වලින් ගොඩ ගත් අස්ථීන්වල මොවුන් මරා දමා ඇත්තේ කුමණ ආයුධයකින් පහර දී දැයි අදටත් දැකගත හැක. මේ එක වධකාගාරයක මරා දමා ඇති බොහෝ දෙනෙකු එක්ව සටන් කළ සගයන් වීම එහි ඇති අනෙක් ඛේදවාචකයයි. මළමිණී 200ක පමණ හිස් නැති මළ කදන් එකම වලක තිබී ඇති අතර ඔවුන් සියලු දෙනාම රතුකෙම යුනිෆෝම් ඇද සිටි අයයි. වියට්නාම ඔත්තුකරුවන් ලෙස සැකයට භාජනය වී ඇති මොවුන්ගේ හිස් කදෙන් වෙන්කර ඇත්තේ ‘කාම්බෝජ ඇගකට වියට්නාම් ඔලු නොගැලපේ’ යන කියමන තුලිනි.
මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන් හිල් හිරකඳවුර ඇතුළු සිරගෙවල් තුල සිදුවූ සිදුවීම් පක්ෂය විසින් ප්රයතියන් සුද්දකළ ආකාරය මගේ මතකයට නැගිණි. හැමන්හිල් හිරගෙදර ‘සමාජවාදී රාජ්යුයක් යැයි නම්කළ’ ද්රෝුහීන්ට පහර දෙමින් (ද්රෝටහීන් යනු පක්ෂයේ මතය නොදැරූ අය) දත් බුරුසුව දක්වා පොදු දේපළ බවට පත්කළ ආකාරය පොල්පොට්ලාගේ අලුත් මිනිසුන් බිහි කිරීමේ දර්ශනය තුල ‘කෑම කන හැන්ද හැරුණු විට අන් සියල්ල පොදු දේපළ’ විය යුතුය යන කියමන හා එකට ගැලපේ. එදා හැමන්හිල් කඳවරු ඇතුළු හිරගෙවල් තුල ‘ද්රෝ හීන්ට පාවා දෙන්නන්ට උන්ඩයක් වියදම් නොකළ යුතුය ඔවුන් වැනසීමට පිහියක් ප්රැමාණවත්ය යන්න’ ජනප්රි ය කියමනක්ව පැවතුණි.

[book id=” /]

කාම්බෝජයේ ගතකළ කෙටි කාලය මගේ ජීවිතය අතීත මතකයන් වෙත මා ගෙන ගිය අතර චිත්රයපටයක තිර රාමු මෙන් ඒවා මා මනස තුල මැවුනේ නිදිනැති රාත්රීය ගණනාවක්ද මට හිමිකරමිනි.
එදා ඇමරිකන් අධිරාජ්ය වාදයට පයින් ගසා එළවා දමා නව ලෝකයක් නිර්මාණය කිරීමට ඉතා යහපත් පරමාර්ථයකින් ගිය රතුකෙමවරු කර ඇති අපරාධයන් මනුෂ්ය ත්වය නුහුළන බව සහතිකය. අද වන විට නුවෙන් චියාගේ වයස 87 කි. කියු සම්පන් (එදා මගේ ලෝකයේ වීරයා) ගේ වයස 83කි. නුවෙන් චියා උසාවියට ගෙන එනු ලැබුවේ රෝද පුටුවක් මතිනි. කියු සම්පන් ඉතා අපහසුවෙන් අඩි තබමින් ගාටමින් පැමිණුනි. ඔවුනට එරෙහි තීන්දුව පැය එකහමාරක් කියවනු ලැබූ අතර අවසානයේ ඔවුන් දෙදෙනාටම මනුෂ්යිත්වයට එරෙහිව කළ අපරාධයට සහ එයට සහාය දීමට වැරදිකරුවන් ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙනු ලැබීය.
දේශපාලනය යනු විහිළුවක් නොව ඉතා බැරෑරුම් දෙයකි. යහපත් මිනිසුන් වූවාටවත් යහපත් චේතනාවන් තිබුනා වුවත් වැරදි දේශපාලයක් කරන්නේ නම් එයින් ඇතිවන විනාශය අති දැවැන්තය. එනිසා දේශපාලනයේදී වැදගත් වන්නේ යහපත් චේතනාව නොව නිවැරදි දේශපාලන ක්රියයාදාමයක් පමනි.
කාම්බෝජයෙන් අපට ඉගන ගැනීමට තව බොහෝ දේ ඇත.

 

 

 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *