බක්මහ කඳුළු

[button]යාපනය සිර ගෙදරට පහර දීම සහ විජේවීර මුදා ගැනීමේ තැත[/button]

71 අපේ‍්‍රල් කැරැුල්ලට වසර 40ක් ගත වී හමාරය. එදා අපේ‍්‍රල් කැරලිකරුවන් වූ අප ගෙන හැර දැක් වූ ප‍්‍රශ්න තවත් තීව්ර වී ඇති අතර අලූත් ප‍්‍රශ්න ද එයට එක් වී තිබේ. එත් අපේ‍්‍රල් කැරලිකරුවනගේ පසු පරම්පරාව එදා ඒ කැරලිකරුවන් සිටි තැනවත් සිටී ද? මේ පෙරවදනින් ප‍්‍රශ්න දෙක තුනක් අද පරම්පරාව වෙත යොමු කරමි.

එදා 71 කැරලිකරුවන් අසාර්ථක කැරැල්ලෙන් පසුව (අප)කළ වැරදි හඳුනා ගැනීමට තරම්, ඒවා ගැන ස්වයං විවේචනයට අවතීර්ණ වීමට තරම් නිහතමානී නොවූ විජේවීර ඇතුලූ එහි පසුකාලීන නායකයින් ඒ පිළිබඳ අනිවාර්ය වන්දිය ලෙස 87-90 දස දහස් ගණන් ලාබාල තරුණ ජීවිත බිලිදෙමින් තමන් ද එහිම බිල්ලක් බවට පත්වීමේ ඛේදවාචකය අහම්බයක්ම නොව දැන දැන කළ වැරදිවලට ගෙවූ වන්දියකි.

දෙවන පරම්පරාවත් එහි නායකයින්ගේ වරදට ගෙවූ වන්දිය අතිමහත්ය. ඉන්පසු ගොඩ නැගෙන ජ.වි.පෙ. නායකත්වය එහි පළමු වැරදි හඳුනා ගත්තේ ද? ඉතිිහාසයේ පාඩම් ඔවුන්ට මග සාදා ගැනීමට ඉවහල් කර ගත්තේ ද? ඒ භීෂණය තුළ දස දහස් ගණන් ජීවිතවලින් ගෙවූ වන්දි අමතක කරමින් ඊළඟ පරම්පරාව සහ එයට නායකත්වය සපයන අය ලංකාවේ පසුගාමී කෲර රාජ්‍යයට, එහි පොලිස් සහ හමුදා ස්තරයන්ට ස්තෝත‍්‍ර‍්‍ර ගයමින්, මානෙල් මල් පුදමින, ආකර්ශනය වෙමින් කළේ තම මව්බිමේ පීඩිත ජනකොටසක් පාගා දැමීමට කෙරුණු යුද්ධයට ආවැඞීමයි. ජාතික සහ ජාතිවාදී විෂෙන් විෂ පෙවූ දේශප්‍රෙමය නමැතිි හරසුන් පසුගාමී මෙවලම ආකර්ශනයී වදන්වලන් මුවහත් කළ ඔවුන් එතුළින් ලංකා ජන සමාජය පමණක් නොව රාජ්‍යය පොලිස් සහ හමුදා ස්තරයන් කුලූගන්වනු ලැබූයේ ජන සංහාරයට මග පාදමිනි. ඒ ජන සංහාරය සාධාරණීකරණය කිරීමට ඔවුහු මේ වන තුරුත් පෙනී සිටිති. ජ.වි.පෙ. තුන්වන පරම්පරාව විසින් කරනු ලැබූ මේ පාපකර්මය මේ වන විටත් ඔවුන් හඳුනාගෙන නොමැති අතර එයට ගෙවිය හැකි වන්දියක් ඇද්ද සැක සහිතය. මේ වරද ඒ තරමටම බරපතලය.

අද වන විට ලංකා සමාජය (එය 60/70 ගණන්වල තිබූ ප‍්‍රජාතන්ත‍්‍ර හරයන්ගෙන් මුදා) ගිලී ඇති ගෝත‍්‍රවාදී මානසික මට්ටමට පත් කිරීමට ඔවුන් කළ කාර්යභාරය අති විශාලය. ලංකාවේ දේශපාලන පක්ෂ මෙන්ම කණ්ඩායම් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒවා නොවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අබමල් රේණුවක උවමනාවක් මේ දෙශ් පාලන පකෂ් තුළ ඇත්තේ ද නැත. පවතනි පකෂ් සහ කණ්ඩායම් වැඩවසම් නැතිනම් ඒකාධිපති ව්‍යුහයකින් සමන්විතය. එසේ නම් දේශපාලන බලය මේ කවරක් අතට මාරු වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට එළඹීමේ මග ඉන් විවර නොවනු ඇත. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන දේශපාලන බලවේගයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නොනැගිය හැකි බැවිනි.

ලංකා සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක් අත්‍යවශ්‍යය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තීරණය වන්නේ කතිරය ගැසීමේ අයිතියෙන් පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු භාවිතාවකි. විසංවාදයට ඇති ඉඩකඩ, සංවාද පැවැත්වීම සහ සංවිධාන වීමේ අයිතිය දිගුකාලීන භාවිතාවක් තුළ සමාජයක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරයි.

එම භාවිතාවට ශක්තිමත් සිවිල් සමාජයක් අත්‍යවශ්‍යය. සිවිල් සමාජය දෙශ් පාලන වශයෙන් සබුද්ධික නම් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනගා ගත හැක. සිවිල් සමාජය, ස්වාධීන සංවිධාන විසංවාදයට ඇති ඉඩ මරා දැමූ සමාජයක කිසි දිනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති විය නොහැක.

1970 හයිඞ්පාක් රැුලියේ දී විජේවීර කරුණාසේන ජයලත් ගොළු හදවත වැනි බොළඳ නවකතාවක් ලියා ලංකා තරුණ පෙළට කළ හානියට වන්දි ගෙවීමට නම් ඔහු දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සමාජවාදය ගැන කියමින් ගියත් නොහැකි වේයැයි පැවසීය. නමුත් කරුණාසේන ජයලත් යොවුන් ආදරයේ සුන්දරත්වය ගැන ලිවීම වරදක් යැයි මම නොසිතමි. නමුත් ජනවර්ග අතර වෛරය වපුරා, ජනවර්ග ඈත් කිරීමට ජාතිවාදය වපුරමින් ජ.වි.පෙ. කළ පාපකර්මය නැති කරගැනීම මොනයම්ම වන්දියකින්වත් ඔවුනට හැකිවේද යන්න මට සැක සහිතය.

යම් දිනක දේශපාලන අවදිවීමක් ලක්පොළොව මත ඇතිවීමට සමාජ සංවාදයක් ඇති වේවා යන්න මගේ පැතුමයි. එහිදී මේ පොත තුළ ඇති (මගේ)අපගේ අත්දැකීම් ද එයට සුලූ හෝ සේවාවක් ඉටු කරයි නම් එය මට ඉමත් සතුටකි. මෙම පොතෙහි තුන්වන මුද්‍රණය එළි දැක්වීමට අවශ්‍ය වගකීම් සහ මුද්‍රණ කටයුතු භාරගත් විදර්ශන ප‍්‍රකාශන ආයතනය සහ එහි අධිපති ජනක ඉණිමංකඩ මහතාට මගේ ස්තුතිය පුද කරමි.

රංජිත් හේනායක ආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *